Buying a new car

Skip listen and sharing tools

පහත තොරතුරු, අලුත් වාහනයක් මිලදී ගැනීමේ දී නිවැරදි තීරණ ගැනීමට ඔබට උපකාරී වනු ඇත.

වාහනයක් මිලදී ගැනීමට පෙර

1. සොයාබැලීම කරන්න

  • අන්තර්ජාලයේ හා පුවත්පත්වල දක්වා ඇති මිල ගණන් සසඳන්න. විවිධ වාහන සේල්වලට ගොස් බලන්න.
  • විශේෂයෙන් ම, ඔබ පාවිච්චි කළ වාහනයක් ගන්නේ නම්, ඔබට මිල සාකච්ඡා කළ හැකිය.
  • වාහනයක කාර්යසාධනය, ඉන්ධන වියදම්, ආරක්ෂක උපාංග හා අනෙකුත් විස්තර කාර් සඟරාවලින් හා වෙබ් අඩවිවලින් ලබා ගත හැකිය.
  • විවිධ වාහනවල, දිගින් දිගට ම පවතින නඩත්තු වියදම් ගැන තොරතුරු ලබා ගන්න. උදාහරණ ලෙස, ආනයනය කරන ලද වාහන සේවා සිදු කිරීම හෝ අලුත්වැඩියා කිරිම වඩාත් මිල අධික විය හැකිය.
  • පහත දැක්වෙන ස්ථාන හොඳ තොරතුරු සපයයි:

2. ෆිනෑන්ස් හා රක්ෂණ ගැන සොයා බලන්න.

  • බොහෝ වාහන විකුණුම්කරුවෝ ෆිනෑන්ස් අවස්ථා ලබා දෙති. කෙසේ වෙතත් එය ඔබට ලාබදායීම හෝ හොඳම තේරීම නොවිය හැකිය.
  • බැංකු, අනුපාත හා වෙනත් ණය සපයන මූල්‍ය ආයතනවල පොලී අනුපාතයන් හා ගාස්තු ගැන සොයා බලන්න.
  • ඔබගේ ණය අනුමතවන තුරු වාහනයක් මිල දී ගැනීමට කොන්ත‍්‍රාත්තුවක් අත්සන් නොකරන්න.
  • ඔබ වාහනයක් මිලදී ගත්තොත්, අත්‍යවශ්‍ය ම නොවූවත්, රක්ෂණයක් ගැනීම හොඳ අදහසක් වේ. ඔබගේ වාහනය අනතුරකට ලක් වුවහොත් හෝ සොරා ගනු ලැබුවහොත්, ආපදාවකට ලක් වුවහොත් හෝ හානි කරනු ලැබුව හොත් ඇතිවිය හැකි වියදම් රක්ෂණයෙන් ආරක්ෂා වේ.
  • ඔබ කැමති ඕනෑම සේවාදායකයෙකුගෙන් රක්ෂණයක් ලබා ගත හැක. ඔබ වියදම් කිරිමට බලාපොරොත්තු වන මුදලට රක්ෂණ ගාස්තු ද එකතු කිරීමට තහවුරුකර ගන්න.
  • රියදුරකු වශයෙන් ඔබේ තත්ත්වය හා විවිධ වාහන වර්ගවලට අනුව රක්ෂණ ගාස්තු විවිධ වේ. එසේම ඔබ හෝ වාහනය පදවන වෙනත් කෙනෙක් අවුරුදු 25ට අඩු නම් ඔබට වැඩිපුර ගෙවිමට සිදු විය හැකිය.

3. වාහනයක් මිලට ගැනීමට හොඳම ක‍්‍රමය තෝරාගන්න.

  • සාමාන්‍යයෙන් බොහොමයක් අලුත් වාහන ලියාපදිංචිය ලත් වාහන අලෙවිකරුවකුගෙන් මිලදී ගැනේ.
  • එසේ වෙතත්, පෞද්ගලික වාහන විකුණුම්කරුවකුගෙන් හෝ වෙන්දේසි ස්ථානයකින් ද ඔබට පාවිච්චි කළ වාහනයක් මිලදී ගත හැකිය. ඔබට වඩාත් ම ගැළපෙන තේරීම සිදු කිරිමට වගබලා ගන්න.
  • සමහර විට පෞද්ගලික විකුණුම්කරුවකුගෙන් හෝ වෙන්දේසියකින් මිලදී ගැනීම මිල අඩු වුවත්, ලියාපදිංචිය ලත් වාහන අලෙවිකරුවකුගෙන් මිලදී ගැනීමේ දී ලැබෙන බොහෝ නෛතික හිමිකම් ඔබට නොලැබෙන නිසා එහි අවදානම වැඩිය. එසේම ඔබට වාහනය පරීක්ෂා කර බැලීමට අවස්ථාවක් නොලැබිය හැකිය.
  • ලියාපදිංචිය ලත් වාහන අලෙවිකරුවකුගෙන් මිලදී ගැනීමේ දී ඔබට බොහෝ නෛතික හිමිකම් ලැබෙනු ඇත. උදාහරණයක් ලෙස, වාහන කොන්ත‍්‍රාත්තුවක් අත්සන් කිරීමෙන් පසු අදහස වෙනස් කර ගැනීමට ඔබට දින තුනක් කල් ලැබේ.
  • ලියාපදිංචිය ලත් වාහන අලෙවිකරුවකුගෙන් මිලදී ගැනීමේදී ඔබට වගකීමේ සහතිකයක් ද ලැබේ. වගකීමේ සහතිකයක් තිබීම නිසා ඔබ මිලදී ගැනීමෙන් පසු වාහනයේ ඇති වන ඇතැම් දෝෂවලට ඔබට ගෙවීමට සිදු නොවනු ඇත.
  • ලියාපදිංචිය ලත් අලෙවිකරුවන් මෙන් ම පෞද්ගලික විකුණුම්කරුවන් ද අන්තර්ජාලය ඔස්සේ විකිණීම් කරති. වාහනයක් නොදැක එය මිලදී ගැනීමේ දී බෙහෙවින් ප‍්‍රවේශම් වන්න.
  • වාහනයක් මිලදී ගැනීමට පෙර එහි යාන්ත‍්‍රික තත්ත්වය ඔබට විශ්වාසී වූ කෙනෙක් ලවා ස්වාධීනව පරීක්ෂා කර ගන්න.
  • අපේක්ෂිත මිලට වඩා ඉතාමත් අඩුවෙන් මිල දක්වා ඇති කාර් දැන්වීම් සම්බන්ධයෙන් බෙහෙෙවින් පරීක්ෂාකාරී වන්න. ඇත්ත වශයෙන් ම එවන් වාහනයන් නැති වුවත්, එය වාහනය රඳවා තබා ගැනීමට කළින් මුදලක් ගෙවිය යුතු සේ සකස් කළ වංචාවක් විය හැකිය.

වාහනයක් මිල දී ගැනීමේ දී

1. කොන්ත‍්‍රාත්තුව අත්සන් කිරීම

  • බල කර කොන්ත‍්‍රාත්තුව අත්සන් කිරීම නොකෙරෙන බවට වගබලා ගන්න. කාලය ගෙන කොන්ත‍්‍රාත්තුව අවබෝධ කරගන්න. එය ඔබට නොවැටහෙන්නේ නම් වැටහෙන කෙනෙකුට පෙන්වන්න.
  • ඔබ වාහනය දුටු පළමු අවස්ථාවේ ම කොන්ත‍්‍රාත්තුව අත්සන් නොකිරීමට උත්සාහ කරන්න. මිලදී ගැනීමෙන් අනතුරුව මෙය ඔබට අවශ්‍ය ම වාහනය වේදැයි සිතා බැලීමට කාලය ගන්න.
  • කොන්ත‍්‍රාත්තුවේ ඔබ එකඟ නොවන අංග ඇත්නම් ඒවා විකුණුම්කරු සමග සාකච්ඡා කරන්න. හැකි නම් කොන්ත‍්‍රාත් කොන්දේසි වෙනස් කරන්න.

2.අදහස වෙනස්කර ගැනීම

  • ඔබ ලියාපදිංචිය ලත් වාහන අලෙවිකරුවකු සමග කොන්ත‍්‍රාත් අත්සන් කළොත්, ඔබට වැඩ කරන දින තුනක අදහස් වෙනස් කර ගැනීමේ කාල සීමාවක් ලැබේ. මේ අනුව ඔබට වාහනය මිලදී ගැනීම ගැන අදහස වෙනස් කිරිමට ව්‍යාපාරික දින තුනක් ලැබේ.
  • මේ කාලය ඇතුළත ඔබ අදහස වෙනස්කර ගතහොත් අලෙවිකරුවාට පහත දැක්වෙන දෑ රඳවා ගත හැකිය:
    • $400 ක් හෝ විකිණුම් මිලෙන් සියයට දෙකක්, මේ දෙකෙන් වැඩි අගය (අලූත් වාහනයක් සඳහා) හෝ
    • $100 ක් හෝ විකිණුම් මිලෙන් සියයට එකක්, මේ දෙකෙන් වැඩි අගය (පාවිච්චි කළ වාහන සඳහා)

3. වගකීම් සහතික

  • ඔබ ලියාපදිංචිය ලත් විකිණුම්කරුවකුගෙන් වාහනයක් මිලට ගන්නා විට ඔබට වගකීම් සහතිකයක් ලැබෙන බව මතක තබා ගන්න. අනාගතයේ වාහනයේ ඇති විය හැකි දෝෂ සකස් කිරීමේ දී කළ යුතු වන ගෙවීම්වලින් ඔබ ආරක්ෂා කිරීමට වගකීම් සහතිකය උපකාරී වේ. අලූත් වාහන සඳහා වගකීම් කාලය වෙනස් විය හැකිය. පෞද්ගලික හෝ වෙන්දේසි විකිණීම්වල දී වගකීමේ සහතිකයක් නොලැබේ.
  • ඔබ ලියාපදිංචිය ලත් අලෙවිකරුවකුගෙන් වාහනයක් මිලට ගන්නා විට, වාහනය පහත දැක්වෙන කරුණුවලට අදාළ නම්, ඔවුන් විසින් වගකීමේ සහතිකයක් ලබා දිය යුතුය:
    • අවුරුදු 10කට වඩා පැරණි, සහ
    • කිලෝමීටර් 160,000කට වඩා ධාවනය කර ඇත්නම්.
  • පාවිච්චි කළ වාහනයක නීති ප‍්‍රකාර වූ වගකීම මාස 3ක් හෝ කිලෝමීටර් 5000ක් යන්නෙන් පළමුව පැමිණෙන අවස්ථාව වේ. වාහනය එහි වයසට අදාළට සැලකිය යුතු තත්ත්වයක පවතින බව තහවුරු කිරීමට වගකීම් කාලසීමාව තුළ සිදුවන සියලූ අලුත්වැඩියාවලට විකිණුම්කරු ගෙවිය යුතුය.
  • නීති ප‍්‍රකාර වගකීම අවසන් වීමෙන් පසුව වුව ද ඔබේ වාහනයේ ප‍්‍රශ්නයක් ඇති වුවහොත් ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය යටතේ ඔබට තව දුරටත් අයිතිවාසිකම් හිමිවේ. කෙසේ වෙතත් ආරක්ෂාවේ මට්ටම, වාහනයේ වයස හා තත්ත්වය යනාදිය මත රඳා පවතිනු ඇත.
  • විකිණුම්කරුවන් විසින් දීර්ඝ කළ වගකීම් ලබා දීමට ද ඉඩ තිබේ. මූලික නිෂ්පාදකයන්ගේ වගකීම ඉක්මවා දීර්ඝ කරන ලද වගකීම්වලට අමතර වියදමක් දැරීමට සිදු වේ. දීර්ඝ කරන ලද වගකීමක් ගැනීමට අවශ්‍ය නොවේ.

4. ඔබ ඇත්තට ම කොපමණ ගෙවනවාදැයි දැන සිටින්න.

  • ඔබ ලියාපදිංචිය ලත් විකුණුම් ස්ථානයකින් වාහනයක් මිලට ගන්නා විට 'සම්පූර්ණ. මුදල' කොපමණදැයි සොයා බලන්න. සම්පූර්ණ මුදලට මුද්දර ගාස්තු හා ලියාපදිංචිය ඇතුලු අමතර ගාස්තු ඇතුළත් වේ.

වාහනයක් මිල දී ගැනීමෙන් පසු

1. වාහනය සර්විස් කිරීම

  • ඔබගේ වාහනය නිරන්තරයෙන් සර්විස් කිරීමට වගබලා ගන්න. එහි තත්ත්වය හා අගය පවත්වා ගැනීමට එය උපකාරී වනු ඇත.

2. වාහන අලූත්වැඩියා කිරීම

  • කාර්මිකයකු තෝරා ගැනීමේ දී ඔවුන් RACV හා Victorian Automobile Chamber of Commerce (VACC) වැනි චර්යා සංග‍්‍රහයක්. අනුගමනය කළ යුතු සංවිධානයකට අයත් දැයි සොයා බලන්න.
  • ඔබේ වාහනය සර්විස් කරන විට, කළ යුතු දෑ ගැන ඔබගේ කාර්මිකයාට පැහැදිලිව විස්තර කරන්න.
  • මුලින් වියදම් තක්සේරුවක් ලබා ගන්න. ලිඛිත නම් වඩාත් සුදුසුය.
  • සමහර විට කාර්මිකයාට වාහනයේ වෙනත් දෝෂ හමුවිය හැකිය. ඔබ අවසරය නොදුන් අතිරේක කටයුතු ආරම්භ කිරීමට පෙර ඔබගේ කාර්මිකයා ඔබට අමතන බව තහවුරුකර ගන්න. එම අලුත්වැඩියාවන්ට එකඟ වීමට පෙර මිල ගණන් දැක්වීම් ලිඛිතව ලබා ගැනීම තහවුරු කරගන්න.
  • ඔබට හා කාර්මිකයාට වාහනය සැදීම සම්බන්ධ ගාස්තුවලට එකඟ විය නොහැකි නම් Consumer Affairs Victoriaට එම ගැටලුව විසඳා ගැනීමට සහාය විය හැකිය. විස්තර සඳහා අපගේ ආරවුල් විසඳා ගැනීම පිටුව බලන්න.

වාහන කුළියට ගැනීම

  • ඔබ වාහනයක් කුළියට ගන්නේ නම් එය සුදුසු තත්ත්වයෙන් පවතින බව කුලී ලෙස සපයන ආයතනය මගින් තහවුරු ර ගත යුතුය.
  • වාහනය කුළියට ගැනීම පිළිබඳ එකඟතාව අත්සන් කිරිමට පෙර කියවා අවබෝධකර ගත් බව තහවුරු කර ගන්න. එය ඔබට නොවැටහෙන්නේ නම් වැටහෙන කෙනෙකුට පෙන්වන්න.
  • වාහනයට කිසියම් හානියක් සිදු වුවහොත් වගකිව යුත්තේ කවුදැයි ඔබ දන්නා බව තහවුරු කර ගන්න. උදාහරණයක් ලෙස රක්ෂණ ගාස්තු ආවරණය කෙතරම් දුරට සිදුවේද යන්න

පුවත් සඟරාව