Mobile phone contracts

Skip listen and sharing tools

ජංගම දුරකථනයක් මිලදී ගැනීමට පෙර

පහත දැක්වෙන කොන්දේසි අවබෝධ කරගන්න :

  • සේවා සැපයුම්කරු: ඔබට දුරකථන ඇමතුම් ගැනීමට හා ඊමේල් යැවීමට හැකිවන පරිදි ඔබේ ජංගම දුරකථනය ජාලයකට සම්බන්ධ කරන සමාගම
  • ප‍්‍රිමියම් කෙටි පණිවුඩ: රියැලිටි වැඩසටහන්, තරගවල දී ඡන්දය පාවිච්චි කිරීමට හා දායකත්වයන් වැනි සේවා ස`දහා යොදා ගැනෙන කෙටි පණිවුඩ. ඔබ ප‍්‍රිමියම් කෙටි පණිවුඩයක් යැවීම හෝ ලැබීම තෝරා ගතහොත්, එය ඉතා මිල අධික ගාස්තු සහිත සේවාවලට ලියාපදිංචි විමට හේතු විය හැක. තව දුරටත් ගෙවීම් නොකර ඒවා අවලංගු කිරීම ද දුෂ්කර විය හැකිය.
  • අන්තර්ජාතික රෝමි: ඔබේ දුරකථනය විදේශයක දී ඇමතුම් ගැනීමට හෝ ලැබිමට භාවිත කිරීම මෙය මිල අධික විය හැකිය. මෙම සේවාව සඳහා කොපමණ මුදලක් ගෙවන්නේද යන්න දැන ගැනීමට සේවා හා කොන්දේසි කියවා ඇති බව තහවුරු කර ගන්න
  • 32GB/16GB: මෙම තොරතුරු සාමාන්‍යයෙන් සැලසුම් විස්තරයේ දක්වා ඇති අතර එය ඔබගේ දුරකථනයේ ගබඩා ධාරිතාව පිළිබඳව වේ, එය ඩේටා බාගත කිරීමේ දීමනාව නොවේ.

තීරණය කරන්න:

  • ඔබ කෙතරම් ඇමතුම් ගණනක් හා කෙටි පණිවුඩ ගණනක් භාවිත කරනවාද?
  • ඔබට ඩේටා කොපමණ අවශ්‍යද, උදාහරණයක් වශයෙන් ඔබ නිතර ඊමේල් පරීක්ෂාව හා අන්තර්ජාලය පිරික්සීම සිදු කරන්නේ නම්, ඔබට මාසිකව වැඩි ඩේටා ප‍්‍රමාණයක බාගත කිරිම් ලබා දෙන සැලසුමක් අවශ්‍ය වනු ඇත- සාමාන්‍යයෙන් මසකට 1GB හෝ 2GB ඬේටා භාවිතය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා සේවා සැපයුම්කරුගේ වෙබ් අඩවිය බලන්න.
  • ඔබට කොන්ත‍්‍රාත්තුවේ කොපමණ කාලයක් සිටීමට අවශ්‍යද? මාස 12 සිට 36 දක්වා කොන්ත‍්‍රාත්තු විවිධ විය හැකිය. කොන්ත‍්‍රාත්තුවකට අත්සන් කිරීමට ඔබ අකමැති නම් මුලින් පෙර ගෙවුම් සේවාවක් ගෙන බලන්න. රී චාජ් කාඞ් පත අවසන් වූ පසු, ඔබට එම ජාලය සමග රැඳී සිටීමේ හෝ වෙනත් එකක් තෝරා ගැනීමේ හැකියාව වේ.

මේවා තහවුරු කරගන්න:

  • විවිධ සේවා සැපයුම්කරුවන්ගෙන් මිල ගණන්, කොන්දේසි හා සැලසුම් ගැන සොයා සසඳා බලන්න
  • සේවා හා ගාස්තු සම්බන්ධයෙන් ලිඛිතව තොරතුරු ලබා ගන්න.
  • ඔබ විසින් කොන්ත‍්‍රාත්තුව වෙනස් කිරීමේ දී හෝ අවලංගු කිරීමේ දී නැත්නම් ඔබේ දුරකථනය කැඩුනු, නැතිවුනු හෝ පැහැරගැනුනු විට ඇතිවන ගාස්තු අවබෝධ කරගන්න.
  • ආවරණය කර ඇත්තේ හා නැත්තේ කුමක්ද යන්න දැන ගැනීමට වගකිම සහතික ලියකියවිලි කියවන්න
  • ඔබ විසින් දුරකථනය විදේශයක දී භාවිත කරනු ලැබුවහොත් ගාස්තු අයවන ආකාරය දැන සිටින්න.

සොයා බලන්න:

  • පහසුවෙන් භාවිත කළ හැකි ජංගම දුරකථනයක්
  • ඔබට දැරිය හැකි සැලැස්මක්
  • ඔබේ ප‍්‍රදේශයේ මනා ජාල ආවරණයක් ඇති සේවා සැපයුම්කරුවෙක්

මතක තබාගන්න:

  • කොන්ත‍්‍රාත්තුවක කාලය අවසන් වීමට පෙර එය අවලංගු කිරීමෙන් බොහෝ විට ඔබට වැඩිපුර ගෙවීමට සිදුවනු ඇත.
  • සමහර සේවාවලට අමතර ගාස්තු වේ - වොයිස්මේල්, කෝල් ෆෝවඩිං, ප‍්‍රිමියම් කෙටි පණිවුඩ, අන්තර්ජාලයේ සැරිසැරීම, ඇප් මිලට ගැනීම හා අන්තර්ජාතික රෝමින්
  • ඔබ ජංගම දුරකථනය භාවිත කරන ප‍්‍රදේශයේ ආවරණය ඇත්දැයි සොයා බැලීමට සේවා සපයන්නාගේ වෙබ් අඩවිය හෝ වෙළ`දසැල් වෙත යන්න.
  • ඔබේ ඇමතුම් හෝ ඬේටා දීමනා සීමාව ඉක්මවා යෑම නිසා අතිරේක ගෙවීම් ඇති විය හැකිය.

ජංගම දුරකථන වගකීම් සහතික

  • රිසිට්පත් හා කොන්ත‍්‍රාත් ඔබගේ මිලදී ගැනීම්වල සාක්ෂි සේ තබා ගන්න.
  • වගකීම් සහතිකවලට අනුව සිදුවන අලුත්වැඩියාවල දී වෙළෙන්දා හෝ සේවා සපයන්නා ඔබට ණයක් හෝ ඒ වෙනුවට ජංගම දුරකථනයක් ලබා දීම අවශ්‍ය නොවේ. කෙසේ වෙතත් සමහරු එය ප‍්‍රතිපත්තියක් වශයෙන් සිදු කරති.
  • ඔබගේ කොන්ත‍්‍රාත්තුවේ සේවා හා කොන්දේසිවලට අදාළව, ඔබේ දුරකථනය අලුත්වැඩියා කරන අතරතුර ඔබට මාසික බිල් ගෙවීමට සිදුවනු ඇත. වගකීම් සහතික ගැන වැඩිදුර විස්තර දැන ගැනීමට අපගේ වගකීම් සහතික කොටස බලන්න.
  • ඔස්ට්‍රේලියානු පරිභෝගික නීතිය යටතේ ඔබට හිමිකම් වේ. ඔබගේ ජංගම දුරකථනය ක‍්‍රියාවිරහිත වුවොත්, ආපසු මුදල් ඉල්ලීමට හෝ ඒ වෙනුවට දුරකථනයක් ඉල්ලීමට ඔබට හැකිය. වැඩිදුර විස්තර සඳහා අපගේ මුදල් ආපසු ලබා ගැනීම, අලුත්වැඩියා හා ආපසු භාරදීමකොටස බලන්න.

ජංගම දුරකථන කොන්ත‍්‍රාත්තුවක් අත්සන් කිරීමට පෙර

  • සෑම විටම කොන්ත‍්‍රාත්තුව කියවන්න- වෙළඳ නියෝජිතයා පවසන දෙය මත පමණක් තීරණ නොගන්න. ජංගම දුරකථන කොන්ත‍්‍රාත්තුවක් නෛතික බැඳීමක් වේ. සාමාන්‍යයෙන් එය අවංලගු කිරීමට දුෂ්කර හා වියදම් අධිකය.
  • සැඟවුණු ගාස්තු හා අසාධාරණ සේවා කොන්දේසි ගැන සැලකිළිමත් වන්න. වැඩිදුර විස්තර සඳහා අපගේ ජංගම දුරකථන සැපයුම්කරුවන්- ආසාධාරණ සේවා කොන්දේසි පිටුව බලන්න.
  • ඔබට නොවැටහේ නම් කොන්ත‍්‍රාත්තුවක් අත්සන් කිරීම නොකරන්න - එය වැටහෙන කෙනෙකු ලවා පැහැදිලි කර ගන්න.
  • මාසික බිල හා අතිරේක ගාස්තු ඇත්නම් ඒවා, කොපමණ වේදැයි සොයා බලන්න සම්පූර්ණ කොන්ත‍්‍රාත් කාල සීමාවේ දී ම ඔබට එය දැරිය හැකි බව තහවුරු කර ගන්න.
  • ඔබ වෙළඳ නියෝජිතයකුගෙන් දුරකථනයක් හා සම්බන්ධතාවක් මිලට ගතහොත්, ඔබ කොන්ත‍්‍රාත් දෙකකට ඇතුලුවනවා වන්නට පුලුවන - එනම් වෙළඳ නියෝජිතයා සමග දුරකථනයට හා සේවා සැපයුම්කරු සමග ජාල සම්බන්ධතාවට වශයෙනි. එනම්, දුරකථනයේ යම් දෝෂයක් වෙතොත් වෙළඳ නියෝජිතයාට උදව් සැපයිය හැකි නමුත් ජාල සම්බන්ධතාව ගැටලූවලට ඔහුට උපකාර කළ නොහැක.
  • අවුරුදු 18ට අඩු අයෙකුට ඇපකරුවකු වශයෙන් කොන්ත‍්‍රාත්තුවක් අත්සන් කිරීමේ දී හොඳින් සිතා බලන්න - ඔවුන්ට ගෙවීමට නොහැකි වුවහොත් ඔබට බිල් ගෙවීමට සිදු වේ.
  • ඔබගේ හිමිකම් හා ඒවා භාවිත කරන ආකාරය සඳහා අපගේ කොන්ත‍්‍රාත් පිටුව බලන්න.

ජංගම දුරකථන කොන්ත‍්‍රාත්තුවක් අත්සන් කිරීමෙන් පසු

  • කොන්ත‍්‍රාත්තුව ප‍්‍රවේසම් සහිතව තබන්න, එවිට අවශ්‍ය විට ඔබට එය විමසා බැලිය හැකිය.
  • ඔබේ තත්ත්වයන් හි වෙනසක් සිදුවුව හොත්, - උදාහරණයක් ලෙස ඔබේ දුරකථනය අස්ථානගත වුවහොත් හෝ පැහැරගැනුන හොත් නැත්නම්, ඔබට බිල් ගෙවීමට වත්කමක් නැත්නම්.

ඔබේ ජංගම දුරකථන බිල කළමනාකරණය කිරීම

  • නිතර ඔබේ ඩේටා භාවිතය ගැන පරීක්ෂා කර බලන්න- එමගින් විශාල බිල් ලැබීම වැලැක්වීමට හැකි වීමට ඉඩ ඇත.
  • ඔබේ බිල කොපමණද යන්න දැන සිටින්න සහ අසාමාන්‍ය ගාස්තු ගැන සේවා සැපයුම්කරුගෙන් විමසන්න.
  • ඔබට අයවැයකරණයට හෝ ඔබගේ නැවත ගෙවීම් ගණනය කිරීමට උදව් අවශ්‍ය නම් moneysmart.vic.gov.au අමතන්න.
  • නියමිත වෙලාවට බිල් ගෙවන්න. එසේ නොගෙවුවහොත්, අතිරේක ප‍්‍රමාද ගාස්තු අයවිය හැකිය

කිසිවක් වැරදුනු විට

  • ඔබ ජංගම දුරකථනය මිල දී ගත් වෙළඳසළ හෝ සේවා සැපයුම්කරු අමතන්න. උදව් සඳහා අපගේ ආරවුල් විසඳා ගැනීම පිටුව බලන්න.
  • ඔබේ බිල සම්බන්ධයෙන් හෝ ජාල සම්බන්ධතාව ගැන සේවා සැපයුම්කරු සමග විසඳා ගත නොහැකි ගැටලුවක් වේ නම් Telecommunications Industry Ombudsman අමතන්න.

අදාළ විස්තර