Overview

Skip listen and sharing tools

Consumer Affairs Victoria පිළිබඳ සම්පූර්ණ විස්තරය සඳහා බලන්න අපේ අප ගැන කොටස.

අප කරන්නේ මොනවාද?

Consumer Affairs Victoria යනු ප්‍රාන්තයේ පාරිභෝගික කටයුතු පිළිබඳ නියාමකයා වෙයි. අපේ කාර්ය වන්නේ දැනුවත් වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් වීමට වික්ටෝරියානුවන්ට උපකාරී වීමයි.

මෙම අරමුණ සපුරා ගැනීම සඳහා අපි පහත සඳහන් දෑ කරමු:

  • පාරිභෝගික නීති සම්පාදනය සහ කර්මාන්ත නීති සංග්‍රහයන් සමාලෝචනය සහ ඒ පිළිබඳව ප්‍රාන්ත රජය දැනුවත් කිරීම
  • ඔවුන්ගේ අයිතිවාසිකම්, වගකීම් සහ නීතිපද්ධතිය තුළ ඇතිවන වෙනස්කම් පිළිබඳව පාරිභෝගිකයන්, කුලී නිවැසියන්, කර්මාන්තකරුවන් සහ ඉඩම්හිමියන්ට උපදෙස් දීම සහ දැනුවත් කිරීම.
  • ව්‍යාපාර සහ වෘත්තීන් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර නිකුත් කිරීම. පාරිභෝගිකයන්, කුලී නිවැසියන්, කර්මාන්තකරුවන් සහ ඉඩම්හිමියන් අතර ඇතිවන ආරවුල් නිරාකරණය.
  • පාරිභෝගික නීති සම්බන්ධ අනුකූලතාව බලාත්මක කිරීම සහ සුරක්‍ෂිත කිරීම.

පහත සඳහන් දෑ පිළිබඳව අපි ගාස්තු විරහිත සහ ස්වතන්ත්‍ර තොරතුරු සහ උපදෙස් සපයමු:

  • ගොඩනැගීම සහ අලුත්වැඩියා කිරීම
  • ව්‍යාපාර බලපත්‍ර සහ නියාමනය
  • ව්‍යාපාර නාම
  • දේපළ මිළ දී ගැනීම සහ විකිණිම
  • සමූපකාර
  • අරමුදල් රැස් කිරීම
  • සංස්ථාපිත සංගම්
  • සීමාසහිත සමාගම්
  • ණය කළමනාකරණය
  • මෝටර් රථ
  • නීතිගත සංස්ථා
  • භාණ්ඩ නිරාපදාව
  • කුලියට දීම
  • විශ්‍රාම ගම්මාන
  • වංචනික ක්‍රියා
  • සාප්පු සහ වෙළඳාම්

අපව අමතන්න

භාෂණ පරිවර්තන සේවාව

131 450 අමතා අපේ ආයතනයේ ඉංග්‍රීසි නම කියන්න, පසුව භාෂණ පරිවර්තකයාට අමතන ලෙස කියන්න 1300 55 81 81.

සඳුදා සිට සිකුරාදා දක්වා (රජයේ නිවාඩු දින හැර) පෙ.ව. 9:00 සිට ප.ව. 5:00 දක්වා

වැඩි විස්තර