Avoiding scams

Skip listen and sharing tools

වංචාව (scam) යනු ඔබේ මුදල් හෝ පුද්ගලික තොරතුරු සොරකම් කිරීමට දුෂ්ට මිනිසුන් විසින් ගොඩනගන ලද උපක්‍රමයකි.

මෙම වංචාකරුවන්ට පුද්ගලයින් සම්බන්ධ කර ගැනීම සඳහා දුරකථන, විද්‍යුත් තැපෑල, කෙටි පණිවුඩ සහ තැපෑල භාවිත කළ හැකිය. පහත සඳහන් වන්නේ ඉතා බහුල වශයෙන් සිදුවන වංචාවන් තුනක් පිළිබඳ විස්තර වන අතර එය ඔබට එවැනි වංචාවලින් බේරීමට උපකාරී වෙයි.

ලොතරැයි වංචා

වංචාකරුවන් අව්‍යාජයැයි පෙනෙන ලිපියක්, විද්‍යුත් තැපෑලක්, කෙටි පණිවුඩයක් හෝ සමාජ මාධ්‍ය පළ කිරීමක් මගින් ඔබ තෑග්ගක් දිනූ බව දන්වනු ඇත. මෙම තෑග්ග මුදල්, නිවාඩුවක්, ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ සාප්පු වවුචරයක් විය හැකිය. මෙම තෑග්ග ලබා ගැනීම සඳහා පළමුව යම් බද්දක් හෝ ගාස්තුවක් ගෙවිය යුතු බව හෝ ඔබේ බැංකු ගිණුම් විස්තර ඔවුන්ට යැවිය යුතු බව ඔවුන් ඔබට කියනු ඇත.

මෙම වංචාවන්ට අදාළ සමහර අනතුරු ඇඟවීමේ ලකුණු වන්නේ:

  • ත්‍යාගය ඔබ අයදුම් නොකළ ලොතරැයියකට හෝ තරඟයකට ලැබෙන්නක් වීම
  • ඔබට යම් දුරකථන අංකයකට ඇමතීමට කීම හෝ ඔබේ පුද්ගලික තොරතුරු සහිතව විද්‍යුත් තැපෑලක් යවන ලෙස ඉල්ලීම.
  • ඔබේ ත්‍යාගය ලබා ගැනීම සඳහා ගාස්තුවක් ගෙවීමට හෝ ඔබේ බැංකු ගිණුමේ විස්තර ලබා දීමට සිදු වීම.
  • සම්බන්ධ කරගැනීමේ තොරතුරක් වශයෙන් තැපැල් පෙට්ටි (PO box) අංකයක්, ඊමේල් ලිපිනයක් හෝ ජංගම දුරකථන අකයක් ලබා දීම (කිසියම් පාරක ලිපිනයක් ලබා නොදේ).

ප්‍රතිදාන වංචා

වංචාකරුවන් රජයේ, බැංකුවක හෝ වෙනත් ප්‍රසිද්ධ ආයතනයක නියෝජිතයින් වශයෙන් පෙනී සිටින අතර ඔබට යම් මුදලකට හිමිකම් ඇති බව කියා සිටියි - එසේ වුවත් එම මුදල ලබා ගැනීමට නම් පරිපාලන හෝ ඊට සමාන ගාස්තුවක් ගෙවිය යුතුය. සමහර වංචාකරුවන් පවසනුයේ ඔබේ විශ්‍රාම පාරිතෝෂිකය හෝ දීමනාව අඩුවෙන් ගෙවා ඇති බවයී, නැත්නම් ඔබේ ජල-විදුලි වැනි ගාස්තු වැඩියෙන් ගෙවා ඇති බැවින් ඔබට ප්‍රතිදානයක් හිමි වන බවයි.

අව්‍යාජ බැංකුවක්, ව්‍යාපාරයක් හෝ රජයේ දෙපාර්තමේන්තුවක් කිසිදා ඔබව අමතා ඔබට යම් මුදලක් හිමි විය යුතු බවත් එය ලබා ගැනීමට ගාස්තුවක් ගෙවිය යුතු බවත් කියන්නේ නැත.

ප්‍රේම වංචා

වංචනිකයන් නීත්‍යනුකූල දිනයන (dating) වෙබ් අඩවි ඔස්සේ ගොදුරකට ඔබ වෙත ළඟා විය හැකිය. කිසිවෙකුගේ අවධානය දිනාගත් පසුව, ඔවුන් සියලුම ග්‍රාහක සම්බන්ධතා පුද්ගලික ඊමේල් ලිපිනයකට, දුරකථන ඇමතුම්වලට හෝ ක්‍ෂණික පණිවුඩවලට සීමා කරගනු ඇත. කල් යද්දී, වංචකයා බිල්ලට හසුකරගත් පුද්ගලයා සමග මාර්ගගත (online) සම්බන්ධතාවක් ගොඩ නගා ගනියි, ඔවුන්ගේ විශ්වාෂය සහ ආදරය දිනා ගැනීමට උපරිම දේ කරයි.

අවසානයේදී වංචකයා මුදල් අවශ්‍යතාවක් පිළිබද කතාවක් නිර්මාණය කරයි, මෙය බොහෝ දුරට පවුලේ සාමාජිකයකුගේ රෝගී තත්වයක් හෝ හදිසි අනතුරක් සම්බන්ධයෙන් විය හැකිය, නැතහොත් ආයෝජනයක් සඳහා මුදල් ගෙවීමට විය හැකිය. මෙම අවස්ථාව වන විට වංචනිකයන්ට ගොදුරු වූවන් ඔවුන්ට තදින්ම අවනත වී ඇති අතර, වංචාවක් විය හැකි බව පවුලේ අය හෝ යහළුවන් පැවසුවද, එය නොතකා කැමැත්තෙන්ම මුදල් යවයි. විදුලි පණිවුඩයක් ඔස්සේ හෝ මුදල් මාරු කිරීමක් ඔස්සේ මුදල් යැවූ පසු, එය ආපසු ලබා ගැනීම අපහසුය.

ඔබ ආරක්ෂා වීම - වංචනිකයන් සම්බන්ධයෙන් මතක තබා ගත යුතු කරුණු

  • යමක් සත්‍ය වීමට බැරි තරම් හොඳ නම්, එය වංචාවක් විය හැකියි
  • විශේෂ ඉල්ලීමකින් තොරව, ඔබ හිමිකම් නොකී අරමුදලක් හෝ ලැබිය යුතු මුදලක් ගැන කියමින් එවන ඊමේල් පණිවුඩයක්, දුරකථන ඇමතුම් හෝ ලිපි පිළිබඳව සැලකිලිමත් වන්න
  • ත්‍යාගයක් හෝ ප්‍රතිදානයක් ලබා ගැනීම සඳහා මුදල් යැවීම හෝ ඔබේ බැංකු ගිණුම් විස්තර ලබා නොදෙන්න
  • මෙම ලොතරැයිය හෝ දිනුම් ඇදීමට ඔබ අයදුම් කළේදැයි පරීක්ෂා කර බලන්න, එසේම නීත්‍යනුකූල ලොතරැයි, දිනුම් හෝ ත්‍යාග මුදල් ලබා ගැනීම වෙනුවෙන් ගාස්තුවක් ගෙවන ලෙස ඉල්ලා නොසිටින බව මතක තබා ගන්න
  • මුදල් ඇණුවුම් හෝ විදුල් පණිවුඩ ඔස්සේ කිසි විටෙක මුදල් නොගෙවන්න, හැම විටම ණය කාඩ්පත් හෝ PayPal වැනි ආරක්‍ෂාකාරී ක්‍රම භාවිත කරන්න
  • පසිද්ධ බැංකු හෝ වෙනත් ආයතනවල ලාංඡන නීත්‍යනුකූල ලෙස පෙනෙන ආකාරයට භාවිත කරන ව්‍යාජ වෙබ් අඩවිවලින් පරිස්සම් වන්න, ඔබට සැකයක් ඇත්නම්, ඍජුවම අදාල බැංකුව හෝ ආයතනය අමතා පරීක්‍ෂා කරන්න
  • ව්‍යාපාරය ඇමතීමට ඊමේල් ඔස්සේ ලබා දෙන ඈදුම් භාවිත නොකරන්න. සෑම විටම සෙවුම් යන්ත්‍රයක්, දුරකථන නාමාවලියක් හෝ වෙනත් ස්වාධීන මූලාශ්‍රයක් ඔස්සේ පමණක් සම්බන්ධතා තොරතුරු සොයා ගන්න
  • දුරකථනයෙන් කථා කොට හෝ ත්‍යාග එවා ඇති පමණින් පෞද්ගිලකව හමු වී නැති කිසිවෙකුට මුදල් නොයවන්න,
  • ඔබට අන්තර්ජාලය ඔස්සේ මුණ ගැසුණු අය පිළිබඳව ඔබේ පවුලේ අයට හෝ යහළුවන්ට යම් සැකයක් ඇත්නම්, ඔවුන්ට ඇහුන්කන් දෙන්න
  • මාර්ගගත දිනයන පැතිකඩ (online dating profile) දී ඇති විස්තරය හා නොගැළපේ නම් හෝ ඒවා සඟරාවකින් ගෙන ඇති බව පෙනේ නම් පරිස්සම්කාරී වන්න.

වංචකයන් පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම

වංචකයන් පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම

ඔබේ මුදල් ආපසු ලබා ගැනීමට නොහැකි වුවත්, අදාළ සිද්ධිය පිිළිබඳ වාර්තා කිරීම වැදගත්ය. මන්ද, අනෙක් අය මෙවැනි වංචාවකට හසු වීමෙන් බේරා ගැනීමට එම තොරතුරු උපකාරී විය හැකි බැවිනි.

ස්ටෙවීගේ ස්කැම් ස්කූල් වීඩියෝ නැරඹීමෙන් වංචකයන්ගෙන් ගැළවෙන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩිදුර ඉගෙන ගන්න, පාරිභෝගිකයන් සහ කුඩා ව්‍යාපාර.