Underquoting

Skip listen and sharing tools

ඔබට උචිත ම නව නිවසක් සෙවීම උද්යෝගජනක කටයුත්තක් විය හැකිය. නමුත්, ඉහළ යන නිවාස මිල හා දේපළ වෙළඳපල දැඩි තරගකාරීත්වය නිසා එය බලාපොරොත්තු සුන්කරන වෙහෙසකාරී කටයුත්තක් ද විය හැකිය.

නව අඩු ලංසු නීති මගින් විවෘත හා විනිවිදභාවයෙන් යුතු දේපළ වෙළඳපලක ඒජන්තවරුන් විශ්වසනීයව තබා ගනිමින්, ගැනුම්කරුවන්ට සාධාරණ අවස්ථා ලබා දෙයි.

ඒජන්තවරුන් විසින් අනාගත ගැනුම්කරුවන්ට තොරතුරු ප‍්‍රකාශනයක් ලබා දෙයි. එහි ඇතුළත් දෑ:

  • දක්වන විකුණුම් මිල
  • සැසඳිය හැකි දේපළ වෙළඳාම් තුනක් හා
  • අදාළ උපනගරයේ මාධ්‍යම නිවෙසක හෝ නිවෙස් ඒකකයක මිල

දේපළක් පරීක්ෂා කර බැලීමට පෙර සෑම විට ම තොරතුරු ප‍්‍රකාශනය කියවා බලන්න. එමගින් ඔබට නිවස විකිණීමට ඉඩ ඇති මිල ගණනය කළ හැකි අතර ඔබට දැරිය හැකි දේපළක් වෙනුවෙන් ඔබ කාලය වැය කරන්නේ ද යන්න තීරණය කළ හැකිය.

උදාහරණයක් බාගත කරන්න Statement of Information (PDF, 122KB).

වැඩිදුර විස්තර සඳහා අපගේ දේපළ මිල ගණන් අවබෝධ කර ගැනීම පිටුවට යන්න.